Skip to content
V
තල්පාවිල ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

තල්පාවිල ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක්

By News Room · 13 January 2025

දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ. ඊයේ (12) සවස 4.45ට පමණ වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාලවීමක් වාර්තා වී නොමැත. රතුපැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර තිබුණි.

කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ගේට්ටුව විවෘත කළ අවස්ථාවේදී වෙඩිප්‍රහාරය එල්ල කර ඇත. එල්ල කරන ලද වෙඩිල්ල ගේට්ටුව අසල තාප්පයට වැදී ඇති අතර, වෙඩි උණ්ඩයේ හිස් කොපුවද වෙඩික්කරුවන් විසින් රැගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය. වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගෙන ඇති අතර, ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026