Skip to content
V
තරුෂිට ඇමෙරිකාවේ වසර 4ක ශිෂ්‍යත්වයක්
featured news - උණුසුම් පුවත්

තරුෂිට ඇමෙරිකාවේ වසර 4ක ශිෂ්‍යත්වයක්

By News Room · 31 August 2024

ආසියානු මීටර් 800 රන් පදක්කම් දිනූ ඔලිම්පික් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා අද (31) ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඇය ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔරලෙන්ස්හි පිහිටි තුලේන් විශ්වවිද්‍යාලයට ලබන සතියේ ඇතුළත් වන අතර, ඒ සඳහා තරුෂිට වසර 4ක පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබී තිබෙනවා.

තුලේන් විශ්වවිද්‍යාලය සතුව තුලේන් ග්‍රීන් වේව් නමින් මලල ක්‍රීඩා කණ්ඩායමක් ඇති අතර, තරුෂි ඉදිරියේදී එම කණ්ඩායම නියෝජනය කරනු ඇති.

එම තුලේන් ග්‍රීන් වේව් මලල ක්‍රීඩා කණ්ඩායම අමෙරිකානු මලල ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයකු ලෙස ප්‍රමුඛ පෙළ තරගාවලි නියෝජනය කරනු ලබනවා.

තුලේන් ග්‍රීන් වේව් යටතේ පාපන්දු, බාස්කට්බෝල්, වොලිබෝල් හා බේස්බෝල් වැනි ක්‍රීඩා සංචිත ක්‍රියාත්මකවන අතර, ක්‍රීඩා සංකීර්ණයක් ද වෙනම පිහිටා තිබෙනවා.

තරුෂිට විශ්වවිද්‍යාල කිහිපයකින්ම ශිෂ්‍යත්ව ලැබී ඇති අතර, ඇය තෝරාගෙන ඇත්තේ ක්‍රීඩාව හා අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි විශ්වවිද්‍යාලයක්.

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිමකොට අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු 2:06.66ක කාලයක් වාර්තා කළා.

ආසියානු රන් පදක්කම් දිනූ තරුෂි කරුණාරත්නගේ පැරිස් ඔලිම්පික් ධාවනය ලොව අතිදක්ෂ ක්‍රීඩිකාවන් අතුරින් එලෙස නිමාවට පත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026