Skip to content
V
තම ලෝක වාර්තාවම දසවරක් අලුත් කළ මලල ක්‍රීඩකයා
featured news - උණුසුම් පුවත්

තම ලෝක වාර්තාවම දසවරක් අලුත් කළ මලල ක්‍රීඩකයා

By News Room · 26 August 2024

2024 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තවත් අද්‍රීරයක් ක්‍රියාත්මක වුණේ සිලීසියාහිදීයි. මෙහිදී සුපිරි ක්‍රීඩක 24 හැවිරිදි ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් පිරිමි රිටි පැනිමේ ඉසව්වේ ලෝක වාර්ථාව යළි අලුත් කරන්නට සමත් වුණා.

10 වැනි වරටත් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කළ ඩුප්ලැන්ටිස්, මෙවර එය තවත් එක් සෙන්ටිමීටරයකින් ඉදිරියට රැගෙන ගියේ මීටර 6යි දශම 26ක උසක් තරණය කරමින්. නිමා වූ පැරිස් ඔලිම්පික් උලෙළේ ද පිරිමි රිටි පැනිමේ ඉසව්වේ රන් පදක්කම ඩුප්ලැන්ටිස් දිනා ගන්නට සමත් වුණා.

මේ අතර, පිරිමි මීටර 3,000 ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ජය ගන්නට නෝර්වේ ක්‍රීඩක ජේකෝබ් ඉන්ග්‍රබ්‍රිස්ටන්ට හැකියාව ලැබුණා. ඔහු මෙම නව ලෝක වාර්තාව බිහිකළේ විනාඩි 7යි තත්පර 17යි දශම 55කින් තරගය අවසන් කරමින්. පිරිමි මීටර 200 ඉසව්වේ ජය තහවුරු කර ගත්තේ බොට්ස්වානා ක්‍රීඩක ලෙස්ලි ටිබොගෝයි. ඔහු තරගය තත්පර 19යි දශම 83කින් අවසන් කළේ නව තරග වාර්තාව ද පිහිටුවමින්. පිරිමි මීටර 100 ඉසව්ව ජය ගන්නට අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි සමත් වුණා. ඒ තත්පර 9යි දශම 87කින් තරගය අවසන් කරමින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026