Skip to content
V
තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට  මහජනතාවට අවස්ථාවක්
featured news - උණුසුම් පුවත්

තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට මහජනතාවට අවස්ථාවක්

By News Room · 19 January 2026

නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.

“Send Your Name with Artemis II” නමැති මෙම විශේෂ වැඩසටහන යටතේ ලියාපදිංචි වන පුද්ගලයන්ගේ නම්, සඳ වටා ගමන් කිරීමට නියමිත ඔරියන් (Orion) යානයේ තැන්පත් කෙරේ. මෙම Artemis II මෙහෙයුම, නාසා ආයතනය විසින් සඳ වෙත මිනිසුන් රැගෙන යාම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනේ පළමු මිනිස් සහිත අභ්‍යවකාශ චාරිකාව ලෙස වාර්තා වේ.

ඒ අනුව, තෝරාගත් ගගනගාමීන් පිරිසක් සමඟ මහජනතාවගේ නම් ඇතුළත් දත්ත ගොනුව ද රැගත් ඔරියන් යානය 2026 අප්‍රේල් මාසයේදී දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම මගින් ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය දියුණු තාක්ෂණික පද්ධති සජීවීව පරීක්ෂාවට ලක් කෙරේ.

මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වීමට කැමති ඕනෑම අයෙකුට නාසා ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා සිය නම ඇතුළත් කර අතථ්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් (Virtual Boarding Pass) ලබා ගැනීමට ද පහසුකම් සලසා ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026