Skip to content
V
ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා සංචිතතයට
featured news - උණුසුම් පුවත්

ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා සංචිතතයට

By News Room · 12 September 2024

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහහාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (12)පස්වරුවේ නිවේදනය කළේය.

මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවෙන් 16 දෙනාගේ මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව මෙම සංචිතයට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් 06 දෙනෙකු මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර, මොණරාගල වැනි කොළඹින් එපිට ප්‍රදේශවලින්ද ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබේ.

මේ අතර තරගාවලිය ඉලක්ක කරගමින් මූලික සංචිතයට මිතාලි අයෝධ්‍යා තෝරාගෙන සිටියද, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙන් එරන්දි හංසමාලි කැඳවා ඇත.

සත්කාරක ඕස්ට්‍රේලියාව සමගින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය එක්දින මෙන්ම විස්සයි20 ලෙසින්ද පැවැත්වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026