Skip to content
V
ඩේමි මැගී ස්මිත් දිවියෙන් සමුගනී
featured news - උණුසුම් පුවත්

ඩේමි මැගී ස්මිත් දිවියෙන් සමුගනී

By News Room · 27 September 2024

හැරිපොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්කෝනිගල් මියයයි.

ලෝකප්‍රකට හැරී පොටර් චිත්‍රපට මාලාවේ ජනප්‍රිය චරිතයක් වූ ප්‍රොෆෙසර් මිනෙර්වා මැක්කෝනිගල් චරිතයට පණ පෙවූ Dame Maggie Smith මියගොස් තිබෙනවා. මියයන ඇයගේ වයස අවුරුදු 89ක්. ඇය ලෝකප්‍රසිද්ධ චරිතයක් වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් සහ ඩවුන්ටන් ඇබේ චිත්‍රපට මාලාවෙන්.

බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ තිරයේ පුරාවෘත්තයක් වූ ඇය සිය වෘත්තීය ජීවිතය තුළ ඔස්කාර් සම්මාන දෙකක් දිනාගෙන තිබෙනවා. ඒ, 1970 වසරේ The Prime of Miss Jean Brodie චිත්‍රපටය වෙනුවෙන් සහ 1979 වසරේ California Suite චිත්‍රපටය වෙනුවෙන්. මේ අතර ඇයට තවත් බෆ්ටා සම්මාන අටක් හිමිව තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026