Skip to content
V
ඩෑන් ප්‍රියසාද්ට වෙඩි
featured news - උණුසුම් පුවත්

ඩෑන් ප්‍රියසාද්ට වෙඩි

By News Room · 22 April 2025

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව වාර්තා වෙයි. ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වී තිබුණ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව පැවසුවේ ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026