Skip to content
V
ඩෑන් ප්‍රියසාද්ට ඇප
featured news - උණුසුම් පුවත්

ඩෑන් ප්‍රියසාද්ට ඇප

By News Room · 13 February 2025

පෞද්ගලික ආරවුලකට අදාළව සාමය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ලකට අදාළව සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. බන්ධනාගාරගතව සිටින ඩෑන් ප්‍රියසාද් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව වැල්ලම්පිටිය පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළා. පෞද්ගලික ආරවුලක් සම්බන්ධයෙන් මහජන සාමය කඩවීමේ සිද්ධියකට අදාළව වැල්ලම්පිටිය පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026