featured news - උණුසුම් පුවත්
ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා තිබුණා.




