Skip to content
V
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

By News Room · 3 April 2026

සිය හමුදාව විසින් තවමත් ඉරානයේ සෙසු දෑ විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ඉරානයේ පාලම් විනාශ කිරීමෙන් අනතුරුව විදුලි බලාගාර විනාශ කරන බවය. කුමක් කළ යුතුදැයි නව රෙජිමය දැනුවත්ව සිටින බවත් එය කඩිනමින් සිදු කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ සමාජ මාධ්‍යය සටහනෙහි දැක්වෙයි. 

මේ අතර ටෙහෙරානය සහ කරජ් නගරය යා කරන පාලමක් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන් තවත් පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026