Skip to content
V
ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට
featured news - උණුසුම් පුවත්

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට

By News Room · 14 January 2025

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය.

මේ වනවිටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026