Skip to content
V
ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළට: රෝගීන් ගණන 80,000 පනී
featured news - උණුසුම් පුවත්

ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළට: රෝගීන් ගණන 80,000 පනී

By News Room · 25 July 2026

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ‌‌‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් ඇති බව එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව ජූලි මාසයේ ඊයේ (24) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530කි. වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,135ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5574ක් හඳුනාගෙන ඇත. බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 42,835කි. දකුණු පළාතේ රෝගීන් 12,260ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 6924ක් ද වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026