Skip to content
V
ඩයනාට එරෙහිව අද තිබූ නඩු විභාගය ලබන වසර දක්වා කල් යයි
featured news - උණුසුම් පුවත්

ඩයනාට එරෙහිව අද තිබූ නඩු විභාගය ලබන වසර දක්වා කල් යයි

By News Room · 24 October 2024

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය කල් දැමීමට අධිකරණය අද (24) නියෝග කළා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුව අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ හෙයින් සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසී ද නිකුත් කර තිබුණා. එහෙත් විත්තියේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 06වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026