Skip to content
V
ඩග්ලස් දේවානන්දට වරෙන්තු නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

ඩග්ලස් දේවානන්දට වරෙන්තු නිකුත් කරයි

By News Room · 21 November 2024

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (21) නියෝග කළේය.

වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයා විසින් අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි දෙකක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්ද මහතා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මගින් පැවරු නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.

ඩග්ලස් දේවානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා පවසා සිටියේ සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවය.

අසනීප තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය. 2016 ජූලි 9 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී රුපියල් මිලියන දහය බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ දැනම ලබාදී වංචා කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් තිබිණි.

මුදල් නොමැති බව දැන යන ව්‍යාපාරිකයා ට පවරා චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු වන සාක්කිකරුවන දේවානන්ද මහතාට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දින ලබාදී ඇති බවය. මෙම සාක්ෂිකරු පසුගිය නඩු වාරයේ දී ද අධිකරණයේ පෙනී නොසිට ඇති බවද පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනි දිනට නියම කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026