Skip to content
V
ට්‍රම්ප් සිය රජය යටතේ FBI ප්‍රධානී තනතුරට කාෂ් පටෙිල් නම් කරයි
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් සිය රජය යටතේ FBI ප්‍රධානී තනතුරට කාෂ් පටෙිල් නම් කරයි

By News Room · 1 December 2024

තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජය යටතේ  FBI සංවිධානය එනම් අමෙරිකාවේ ආරක්ෂාව සම්බන්ධව ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානී තනතුරට ඉන්දීය සම්භවයක් ඇති කාෂ් පටෙිල්  එනම් කාශ්‍යප් ප්‍රමෝද් පටෙිල් නම් කිරීමට කටයුතු කර තිබුණි.

පටෙිල් ප්‍රකටව ඇත්තේ උග්‍ර ට්‍රම්ප් හිතවාදියෙක් ලෙසය. පටෙිල්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ධුරකාලයේදීත් එරට ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ජාතික ආරක්ෂක ලේකම්වරයා ලෙසද සේවය කළ අයෙකි.

ප්‍රබල ට්‍රම්ප් හිතවාදියෙක් වන පටෙිල්, FBI හි බුද්ධි තොරතුරු රැස් කිරීමේ කාර්යභාරය ඉවත් කරන ලෙසටත්, ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට සහාය නොදෙන ඕනෑම අයෙක් තනතුරවලින් ඉවත්කළ යුතු බවටත් පැවසූ පුද්ගලයෙක් ලෙස ප්‍රකටව සිටියි. ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා පත්වන්නේ වසර 10ක කාලයක් සඳහාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026