Skip to content
V
ට්‍රම්ප් ලංකාවට 44%ක ආනයනික බදු පනවයි
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් ලංකාවට 44%ක ආනයනික බදු පනවයි

By News Room · 3 April 2025

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව ප්‍රකාශයට පත්කර තිබේ.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බව සඳහන්ය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. කාම්බෝජනයට සියයට 49ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට සියයට 46ක තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.

බංග්ලාදේශයට සියයට 37ක, තායිලන්තයට සියයට 36ක, චීනයට සියයට 34ක, ඉන්දියාවට සියයට 26ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද සියයට 20ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.2ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්ය.

පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026