Skip to content
V
ට්‍රම්ප් යළි කමලා සමඟ විවාදයකට නොයන බව කියයි
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් යළි කමලා සමඟ විවාදයකට නොයන බව කියයි

By News Room · 13 September 2024

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වෙයි.

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපති කමලා හැරිස් අතරේ පසුගිය දා සජීවී විවාදයක් පැවැත්විය. එය ට්‍රම්ප් සහ කමලා අතරේ පැවැත්වුණු පළමු විවාදයයි.

එම විවාදය ඉතා උණුසුම් ස්වරූපයක් ගත්තේය. විවාදයෙන් පසු ට්‍රම්ප් පවසා ඇත්තේ, විවාදයේ දී තමන් හැරිස් පරාජය කළ බවය. තමන් හැරිස් සමඟ යළි විවාදයකට නොයන්නේ ද ඒ නිසා යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.

එසේ වුවත්, එම විවාදය සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුම්වලින් පෙනී ගොස් ඇත්තේ මිනිත්තු 90 ක කාලයක් තිස්සේ පැවැත් වුණු විවාදයේ දී වැඩි වාසි අත්වූයේ ට්‍රම්ප්ට නොව, හැරිස්ට බවය.

ට්‍රම්ප් චතුර කථිකයකු වුවත්, නීතීඥවරයක සහ නීතිපතිවරියක ලෙස ද පළපුරුද්ද ඇති උප ජනාධිපතිනී කමලා හැරිස්ට ට්‍රම්ප් සමඟ පහසුවෙන් වාද කළ හැකි විය. එය ට්‍රම්ප් අපේක්ෂා නොකළ දෙයක් යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026