Skip to content
V
ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධතාවක්
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධතාවක්

By News Room · 9 March 2025

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි. ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින්ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග රැසකට අත්සන් තැබුවේ සිය දෙවැනි ධුර කාලය අරඹමිනි. ඒ අනුව, විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දීම අවලංගු කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. ඒ එම ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රැසකට සිය රැකියා අහිමි කරමින්ය.

ඒ අනුව විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින් කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී දී විරෝධතාවේ නිරත වී තිබේ. විරෝධතාකරුවන් දහසක් පමණ ට්‍රම්ප්ට එරෙහි මෙම රැළියට එක්ව සිටියේය. මෙම විරෝධතාව නම් කර තිබුණේ "ස්ටෑන්ඩ් අප් ෆෝ සයන්ස්" (STAND UP FOR SCIENCE) නමින්ය.

විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලබාදෙන ආධාර කප්පාදු කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ට සහ ඔහුගේ සමීපතම පාර්ශ්වකරුවා වන ඊලෝන් මස්ක්ට වෘත්තිකයින්ගෙන් එල්ල වී තිබුණේ දැඩි විරෝධයකි.

ධුරයට පත්වීමත් සමග එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විපර්යාස සංවිධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් පියවර ගත්තේය. ගෝලීය කාලගුණ පර්යේෂණ සඳහා අමෙරිකානු විද්‍යාඥයින් සම්බන්ධ වීම වැළැක්වීමටත් ට්‍රම්ප් පරිපාලනය  පියවර ගත්තේ ඒ සමගයි. එමෙන්ම කෘෂි විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ පර්යේෂණායතනයට මෙන්ම ආර්ථික පර්යේෂන සේවයට අනුබද්ධ වෘත්තිකයින් ඉවත් කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය. ට්‍රම්ප්ගේ මෙම පියවර සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයින්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026