Skip to content
V
ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විරෝධතා
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විරෝධතා

By News Room · 29 March 2026

අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ "රජවරුන් එපා" (No Kings) විරෝධතාවල තෙවන අදියර සනිටුහන් කර ඇත.

ඉරානය සමඟ ඇති යුද්ධය, ෆෙඩරල් ආගමන නීති බලාත්මක කිරීම සහ ඉහළ යන ජීවන වියදම ඇතුළු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ප්‍රතිපත්තිවලට එරෙහිව තමන් විරෝධය පළ කරන බව විරෝධතාකරුවන් සඳහන් කර සිටී. නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ සෑම ප්‍රධාන නගරයකම මේ වන විට උද්ඝෝෂණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහිදී විරෝධතාකරුවන් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ අනෙකුත් පරිපාලන නිලධාරීන්ගේ අනුරූ ප්‍රදර්ශනය කරමින් ඔවුන්ව ධුරවලින් ඉවත් කරන ලෙසත් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා සිටින බවද සඳහන්. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026