Skip to content
V
ට්‍රම්ප්ට නැවතත් වෙඩි ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප්ට නැවතත් වෙඩි ප්‍රහාරයක්

By News Room · 16 September 2024

ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් වරක් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ. වෙඩි තැබීම සිදුවූයේ ෆ්ලොරීඩාවේ, බටහිර පාම්බීච් ප්‍රදේශයේ ට්‍රම්ප් නිතර ගොල්ෆ් ක්‍රීඩා කරන ගොල්ෆ් පිටියේදීය.

වෙඩික්කරු ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි තබද්දී, සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ට්‍රම්ප්ට ආරක්ෂාව දෙමින් පෙරළා වෙඩික්කරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇත. වෙඩික්කරු අල්ලා ගැනීමට ඔවුන් සමත් වූයේ ඉන් අනතුරුවය.

සීක්‍රට් සර්විස් නිලධාරීන්, අල්ලා ගත් වෙඩික්කරු පොලිසියට බාරදුන් බවත්, ඔහු සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස් දැනුවත් කිරීමට ආරක්ෂක අංශ පියවරගත් බව ධවල මන්දිරය පවසා ඇත. වෙඩික්කරු කවුරුන්ද සහ ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැත. වෙඩික්කරු සමඟ ඒ.කේ.47 රයිෆල් තුවක්කුවක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පැවැසෙයි.

එලැඹෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි. 

මීට පෙර ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ පෙන්සිල්වේනියාවේ ජනාපධිතිවරණ රැලියක් අමතමින් සිටිද්දීය. එහිදී එක් උණ්ඩයක් ට්‍රම්ප්ගේ එක් කන් පෙත්තත් තුවාල කළේය.

එදා එම වෙඩි තැබීම කළ තරුණයා, ජනාධිපති ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීමකින් එසැණින් ජීවිතක්ෂයට පත්විය. එම තරුණයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය උත්සාහ ගන්නා බවට තොරතුරු රැසක් ද අනාවරණය විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026