Skip to content
V
ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය හෙට
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය හෙට

By News Room · 19 January 2025

ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ පවතින අධික ශීත කාලගුණය හේතුවෙනි. අමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය හෙට (20) ට යෙදී තිබේ. ඒ වොෂින්ටන් නුවර දී යි. සාම්ප්‍රදායිකව මෙම පදවිප්‍රාප්ති උත්සව අමෙරිකානු පාර්ලිමේන්තුව එනම් කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වේ. කෙසේ නමුත් පවතින අධික ශීත කාලගුණය සලකා ඉතිහාසයේ පළමුවරට මෙවර පදවිප්‍රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සිදුව ඇත.

මේ අනුව උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ යි. මේ ස්ථානයේ 20,000කට අසුන් ගැනීමට හැකි බවද වාර්තා වේ. මේ අතර පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට 'මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී' නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව, පෙන්සල්වේනියා හි දී හමුදා වාදන කණ්ඩායම්, පාසල් තූර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලියද අවලංගු කර ඇතැයි වාර්තා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026