Skip to content
V
ට්‍රම්ප්ගෙන් කොරියාවට 25%ක බද්දක්
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප්ගෙන් කොරියාවට 25%ක බද්දක්

By News Room · 27 January 2026

දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බද්ද සියයට 25ක් දක්වා ඉහළ නංවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ඒ, පසුගිය වසරේ ඇති කරගත් වෙළෙඳ ගිවිසුමකට අනුව දකුණු කොරියාව කටයුතු නොකරන බවට චෝදනා කරමින්. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෝටර් රථ, දැව භාණ්ඩ, ඖෂධ ඇතුළු නිෂ්පාදන රැසක් සඳහා දැනට පවතින සියයට 15ක බදු ප්‍රමාණය මෙලෙස ඉහළ නංවන බවයි.

කෙසේ වෙතත්, බදු ඉහළ නැංවීමේ මෙම තීරණය පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් ලැබී නොමැති බවයි දකුණු කොරියාව ප්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026