Skip to content
V
ට්‍රම්ප්ගෙන් කැනඩාවට 100%ක තීරුබදු?
featured news - උණුසුම් පුවත්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට 100%ක තීරුබදු?

By News Room · 25 January 2026

චීනය සමග වෙළෙඳ ගිවිසුමක් අනුගමනය කළහොත් කැනඩාවට 100%ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ගිවිසුම සම්බන්ධව සඳහන් කර ඇත්තේ එම ගිවිසුමෙන් තම රටට අනතුරක් විය හැකි බවය.

චීනය විසින් කැනඩාව පණපිටින් අනුභව කරනු ඇති බවත් ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ ව්‍යූහය සහ සාමාන්‍ය ජිවන රටාව විනාශ කරනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා කැනඩාවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව යම් හෙයකින් චීනය සමග කැනඩාව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම කැනේඩියානු භාණ්ඩ හා නිෂ්පාදන සඳහා 100%ක තීරුබදු පැනවීමට සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් පෙන්වා දී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026