Skip to content
V
ටියුනීසියානු ජනපතිට අපහාස කළ අයෙකුට මරණ දඬුවම නියම කරයි
featured news - උණුසුම් පුවත්

ටියුනීසියානු ජනපතිට අපහාස කළ අයෙකුට මරණ දඬුවම නියම කරයි

By News Room · 4 October 2025

සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා පවසා තිබේ.

2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ දැඩි සීමා පනවා ඇත. 

මෙම තීන්දුව එය ටියුනීසියාවේ පෙර නොවූ විරූවක් බව සඳහන්. මෙලෙස දඬුවම් නියම වූ වී ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙක්ට වන අතර, ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක්ය.

ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයාට මරණ දඬුවම නියම කළ බවයි. එය කම්පන සහගත සහ පෙර නොවූ විරූ තීන්දුවක් බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.  ටියුනීසියාවේ අධිකරණ විසින් අවස්ථා කිහිපයකදී මරණ දඬුවම් නියම කර ඇතත්, වසර 30කට වැඩි කාලයක් තිස්සේ එම තීන්දු ක්‍රියාත්මක කර නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026