Skip to content
V
ටජ්මහල ජලයෙන් යටවෙයි
featured news - උණුසුම් පුවත්

ටජ්මහල ජලයෙන් යටවෙයි

By News Room · 14 September 2024

පසුගිය දින තුනක කාලය තුළ නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා ප්‍රදේශයේ පිහිටි ටජ්මහල් මන්දිරයේ ප්‍රධාන ගෝලයේ ජල කාන්දුවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නිසා ටජ්මහල් පරිශ්‍රයේ උද්‍යානයක් ජලයෙන් යටවී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ටජ්මහලේ ප්‍රධාන ගෝලයේ කාන්දුවක් ඇති නමුත් ඉන් හානියක් නොමැති බවයි ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ (ASl)ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.

සංචාරක කර්මාන්තයේ සිය ගණනකට රැකියා ලබා දෙමින් ඔවුන්ගේ එකම බලාපොරොත්තුවවන ටජ්මහල් පරිශ්‍රය ගැන නිසි සැලකිල්ලක් දැක්විය යුතු බවයි සංචාරක මාර්ගෝපදේශකයන් පවසා තිබෙන්නේ.

එම පරිශ්‍රයේ එක් උද්‍යානයක් වැසි ජලයෙන් යටවී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ බැවින් එය නැරඹීම සඳහා සංචාරකයින් විශාල පිරිසක් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026