Skip to content
V
ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමඟ කොට්ටාවේ දී පුද්ගලයෙක් දැලේ
featured news - උණුසුම් පුවත්

ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමඟ කොට්ටාවේ දී පුද්ගලයෙක් දැලේ

By News Room · 29 September 2025

විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, T-56 පතරොම් ගැබක් හා තවත් භාණ්ඩ සමඟ එක් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී, හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 400 ක්, ව්‍යාජ ලෙස සකස් කළ වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන, අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026