Skip to content
V
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි

By News Room · 19 January 2025

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය. 1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ. අසූව දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වු වික්ටර් අයිවන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වේ. මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතෘවරයා ද වන ඔහු, දේශකයෙකු ලෙස සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක්ය.

ඔහු විසින් රචිත දේශපාලනික කෘතින් කිහිපයක් පහතින් දැක්වේ.

  • අඳ ගොවිතැනේ අභියෝගය
  • 71 කැරැල්ල 
  • අර්බුදයේ ගමන් මග
  • දෙමළ අභියෝගය
  • ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම
  • සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා
  • ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය
  • නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය 
  • නොනිමි අරගලය 
  • කදුළු සලන පාරාදීසය
  • පන්සලේ විප්ලවය
  • චෞර රැජින 
  • පෑන අහිංසකද? 
  • චෞර රාජ්‍ය
  • ප්‍රභාකරන් පරාජය කිරීම
  • මට පෙනෙන හැටි 2010
  • දේශපාලනයේ පවුල හා කුලය
  • ලංකාව ගලවා ගැනීම
  • දෙමළ අභියෝගය
  • අවසානය කුමක්ද?
  • ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026