Skip to content
V
ජොන්ස්ටන්ට එරෙහි නඩුව ජුනි 23 දක්වා කල්යයි
featured news - උණුසුම් පුවත්

ජොන්ස්ටන්ට එරෙහි නඩුව ජුනි 23 දක්වා කල්යයි

By News Room · 26 March 2025

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.

‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කර, දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වූ අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි. ඉන් අනතුරුව නඩුව වැඩිදුර විභාගය ජූනි මස 23 දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියම කළේය.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙඳවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාකර, අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026