Skip to content
V
ජොන්ස්ටන්ගේ සතොස නඩුවක් කල් යයි
featured news - උණුසුම් පුවත්

ජොන්ස්ටන්ගේ සතොස නඩුවක් කල් යයි

By News Room · 21 January 2025

හිටපු වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුරු සාක්ෂි විභාගය සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය. 

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට නඩු පවරනු ලැබීය.

මෙම නඩුව අද කොළඹ මහාධික විනිසුරු ආර්. එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රාජකාරී කටයුත්තක් සඳහා විදේශගත වී සිටින හෙයින් සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. 

ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි 03 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අවවාද කළේය. 

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ  වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026