Skip to content
V
ජොන්ස්ටන් ඔක්තෝබර් 30 දක්වා රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

ජොන්ස්ටන් ඔක්තෝබර් 30 දක්වා රිමාන්ඩ්

By News Room · 23 October 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණි.

මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ද අද වරෙන්තුවක් නිකුත් කර තිබුණි. 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටියේය. 

ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදුකෙරුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026