Skip to content
V
ජොන්ස්ටන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
featured news - උණුසුම් පුවත්

ජොන්ස්ටන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

By News Room · 30 October 2024

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

පසුගිය 23 වනදා BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගනු ලැබීය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ළඟ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බවට අනාවරණ වී ඇති බව පොලීසිය පැවසීය.

අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ.

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් අද (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඔක්තෝබර් 23 වනදා නියම කළේය.

එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි හිටපු අමාත්‍යවරයා ගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ විමර්ශන නිලධාරින් කියා සිටියේ ප්‍රශ්නගත BMWමෝටර් රථය සම්බන්ධයෙන් වූ නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගත් බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026