Skip to content
V
ජෙට් යානය කඩන් වැටීමට හේතු අනාවරණය වෙයි
featured news - උණුසුම් පුවත්

ජෙට් යානය කඩන් වැටීමට හේතු අනාවරණය වෙයි

By News Room · 24 March 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටී සිදුවූ අනතුරට හේතුව පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් ලෙස ඒ පිළිබඳ වාර්තාවේ සඳහන් වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව අනාවරණ කළේ ඊයේ (23) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටසේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ එක්වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

"ගුවන් යානයේ බදේ ප්‍රශ්නයක් හෝ පරණකමක් එහෙම නෑ. ගුවන් යානයේ එංජිමේ ප්‍රශ්නයක් නෑ. පරණ ප්ලේන් එකක් නෙමෙයි. ප්ලේන්වල L බෝඩ් ගහපු නැති වුණාට ගියපු අය පුහුණු වෙන කට්ටිය. ඒ අයගෙන් අත්වැරදීමක් සිදුවෙලා තියෙනවා. ඒ හැර වෙන දෙයක් සිදුවෙලා නෑ."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026