Skip to content
V
ජාජබ මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
featured news - උණුසුම් පුවත්

ජාජබ මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි

By News Room · 26 November 2025

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම විදුහල්පතිවරයා අද (26) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 118 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එම සිද්ධියෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරිය ඉල්ලා අස් වීමට කටයුතු කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026