Skip to content
V
ජර්මනියට හොරෙන් පැනීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ජර්මනියට හොරෙන් පැනීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

By News Room · 11 January 2025

කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන, ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ  නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. මොහු යාපනය, ඉලවලායි පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද උදෑසන 08.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා  පිටත්ව යන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු නවදිල්ලි නුවර වෙත මුළින්ම ගමන් කිරීමෙන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානකින්  ජර්මනිය වෙත යාමට සැළසුම් කර තිබුණි.             

ඔහු ඉන්දීය ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන්, මෙම ගුවන් මගියා සමග එම ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඒහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී ඔහු ඉදිරිපත් කළ ජර්මන් වීසා බලපත්‍රය කූට ලෙස සකස් කර තිබූ එකක් බවට කරුණු අනාවරණය විය.

මීට අමතරව මොහු ජර්මන් ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින්, ඔහු පසුගියදා කන්කසන්තුරය වරායෙන් මෙරටට ඇතුළු වූ බවට, ව්‍යාජ ආගමන විගමන මුද්‍රාවක් ද සිය ගමන් බලපත්‍රය තුළ සටහන් කර ගෙන තිබුණි.

මෙම කරුණු සියල්ල අනාවරණය වීමෙන් පසුව, මෙම තරුණයා අත් අඩංගුවට ගෙන, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026