Skip to content
V
ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්
featured news - උණුසුම් පුවත්

ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්

By News Room · 12 September 2024

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09-10 දින පවත්වා තිබුණි.

එහිදී මෙම දෙරට 2 - 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 - 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026