Skip to content
V
ජපාන ආරක්ෂක ඇමති සහ අගමැතිනිය අතර හමුවක්
featured news - උණුසුම් පුවත්

ජපාන ආරක්ෂක ඇමති සහ අගමැතිනිය අතර හමුවක්

By News Room · 4 May 2025

ජපාන ආරක්ෂක අමාත්‍යගෙන් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබේ. අද (04) අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුව ඇත.

දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී  යළි තහවුරු කෙරුණු  අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. එමෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී  අවධාරණය කළේය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අගමැතිවරිය සිය කෘතඥතාව පළ කළාය.  එසේම විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීමද ඇය නැවත අවධාරණය කළාය.

දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අදහස් හුවමාරු කර ගත්තාය.  

වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටද දෙපාර්ශවයම එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026