Skip to content
V
ජපානය සිය පෞද්ගලික අංශයේ තෙල් සංචිත මුදාහැරීම ආරම්භ කරයි
featured news - උණුසුම් පුවත්

ජපානය සිය පෞද්ගලික අංශයේ තෙල් සංචිත මුදාහැරීම ආරම්භ කරයි

By News Room · 16 March 2026

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් නැව් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බැවින්, සිය ඉන්ධන සැපයුම ස්ථාවර කර ගැනීම සඳහා ජපානය සිය පෞද්ගලික අංශයේ තෙල් සංචිත මුදාහැරීම ආරම්භ කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ජපානයේ NHK පුවත් සේවයට අනුව, දැනට මුදාහැර ඇති ඉන්ධන ප්‍රමාණය එරට දින 15ක පරිභෝජනයට සමාන වේ. ජපානයේ තෙල් ආශ්‍රිත සමාගම් සතුව දැනට දින 70කට ප්‍රමාණවත් සංචිත පවතින බව වාර්තා වේ.

මීට අමතරව රජය සතුව වෙනම සංචිත පවතින අතර, ඉන් මාසයකට සෑහෙන සැපයුමක් මාර්තු මස අගභාගයේදී නිකුත් කිරීමට රජය අපේක්ෂා කරන බවට වාර්තා වෙයි.

ජපානය සතුව පවතින සමස්ත හදිසි තෙල් සංචිත ප්‍රමාණය දින 254ක පරිභෝජනයට සමාන වන අතර එය බැරල් මිලියන 470ක් පමණ වේ.

ජාතික සංචිත දින 146ක්, පෞද්ගලික අංශයේ සංචිත දින 101ක් සහ නිෂ්පාදන රටවල් සමඟ ඒකාබද්ධ සංචිත දින 7ක් ලෙසින් එම සංචිත පවතින බවයි වාර්තා වන්නේ.

පසුගිය ඉරිදා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) නිවේදනය කළේ ආසියානු ඕෂනියා කලාපයේ රටවල් විසින් තෙල් බැරල් මිලියන 108.6ක ප්‍රමාණයක් "වහාම" මුදාහරිනු ඇති බවයි.

IEA විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් මහතා පෙන්වා දෙන්නේ අද (16) වැනිදා සිට "පෙර නොවූ විරූ අතිරේක තෙල් ප්‍රමාණයක්" වෙළඳපොළට ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘතව තැබීම අතිශය තීරණාත්මක සාධකයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026