Skip to content
V
ජපානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

ජපානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

By News Room · 6 January 2026

ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එය, භූ කම්පන තීව්‍රතා පරිමාණය අනුව 5 වන මට්ටමේ ප්‍රබල භූ කම්පනයක් බව සඳහන් වේ. (1 සිට 7 දක්වා) එය එරට වෙලාවෙන් අඟහරුවාදා පෙ.ව. 10:18 ට සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන්ම මිනිත්තු 10 කට පසුව, යසුගි ප්‍රදේශයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 5 ට වඩා අඩු තවත් භූ කම්පනයක් සිදුව ඇත. එහි විශාලත්වය රික්ටර් මාපක 5.1 ක් ලෙස ගණන් බලා ඇත. මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැත. කෙසේවෙතත් පසු කම්පන කිහිපයක් සිදුව ඇති බව සඳහන් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026