Skip to content
V
ජපානයේ භූ කම්පනයෙන් 33කට තුවාල
featured news - උණුසුම් පුවත්

ජපානයේ භූ කම්පනයෙන් 33කට තුවාල

By News Room · 9 December 2025

ජපානයේ ඇතිවූ භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 33 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබුණා. භූමිකම්පාව සිදු වූ අවස්ථාවේ දී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, පසුව අද උදෑසන 6.30 ට එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. අමෝරි නගරයට දකුණින් පිහිටි ඉවාට් ප්‍රාන්තයේ කුජි වරායට සෙන්ටිමීටර 70 ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026