Skip to content
V
ජපානයේ අකුසෙකිජිමා දූපතේ භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

ජපානයේ අකුසෙකිජිමා දූපතේ භූ කම්පනයක්

By News Room · 6 July 2025

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇත. එහි කේන්ද්‍රව කිලෝමීටර් 19ක් පමණ ගැඹුරු මුහුද යට තිබේ.

කෙසේ වෙතත් හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි. කෙසේ නමුත් ටොෂිමා ගම්මානයේ නිලධාරීන් පවසා ඇත්තේ එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මේ වන විට ඔවුන් එම දූපතෙන් ඉවත් කර ඇති බවත්ය.

මේ අතර ජපන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටොෂිමා ගම්මානයේ භූ කම්පන මාලාවක්ම ඇතිවූ බවත් ජපාන වේලාවෙන් ඊයේ උදෑසනද අකුසේකි-ජිමා දූපතට රික්ටර් මාපකයේ 5.4ක භූ කම්පන තත්ත්වයක් ඇති වූ බවය. එමෙන්ම පසුගිය මාසයේ සිට ටොකාරා දූපත් අසල භූ කම්පන ක්‍රියාකාරකම්ද ඉහළ මට්ටමක පැවැති බවත් ජපාන මාධ්‍ය වාර්තා කර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026