Skip to content
V
ජපානයට සුළි කුණාටු අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

ජපානයට සුළි කුණාටු අනතුරු ඇඟවීම්

By News Room · 28 August 2024

ෂැන්ෂාන් සුළි කුණාටුව සම්බන්ධයෙන් ජපානයට අනතුරු අඟවා තිබෙනවා.

තද සුළං, අධික රළ සහ අධික වර්ෂාපතනය සඳහා සූදානම් වන ලෙසයි ජපානයේ කාලගුණ ඒජන්සිය සිය වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) පවසන පරිදි, සුළි කුණාටුව මේ වන විට ජපානයේ අමාමි ඔෂිමා දූපත අසල සාගරය හරහා ගමන් කරන අතර මෙම සතිය අගදී එය ඉතා ප්‍රබල කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.

ක්යුෂු සහ අමාමි හි උපරිම සුළං පැයට කිලෝමීටර් 162 දක්වා ළඟා විය හැකි අතර, කියුෂු, ෂිකෝකු සහ අමාමිහි මීටර් 9ක් තරම් උස රළ අපේක්ෂා කරන බැවින් ළඟා වන සුළි කුණාටුව ජපානය හරහා අතිශය තද සුළං ගෙන එනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

ජපානයේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 300 සිට 400 දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි එරට කාලගුණ විද්‍යා එජන්සිය පුරෝකථනය කරන්නේ. එය වාර්තාගත ගංවතුර සහ නායයෑම්වලට තුඩු දිය හැකි වර්ෂාපතනයක්.

රටේ ප්‍රධාන දුම්රිය ක්‍රියාකරුවෙකු වන මධ්‍යම ජපන් දුම්රිය සමාගම, සුළි කුණාටුව හේතුවෙන් බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා සේවා අත්හිටුවීම නිවේදනය කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026