Skip to content
V
ජපානයට යළි භූකම්පන අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

ජපානයට යළි භූකම්පන අනතුරු ඇඟවීම්

By News Room · 21 April 2026

ජපානය යළි දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු යළි දෙවන වරටත් මෙලෙස භූමිකම්පනයක් සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බවය.

ඒ අනුව ඉදිරි සතියේ දී දරුණු භූකම්පාවක් ඇතිවීමේ අවදානම පවතින බව ද ජපාන බලධාරීන් පෙන්වා දී ඇත. මෙම භූකම්පනය රික්ටර් පරිමාණයේ 8.0 ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එරට බලධාරීන් පවසා තිබේ.

ඊයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපාංකයේ ඒකක 7.7ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පාවක් ඇති වූ අතර මේ හේතුවෙන් සුනාමි රළ පහර එරට නැගෙනහිර වෙරළට පැමිණ තිබුණි. ජපානය භූගෝලීය වශයෙන් "ගිනිකඳු වළල්ල" (Ring of Fire) මත පිහිටා ඇති බැවින් වසරකට භූමිකම්පා 1,500ක් පමණ සිදු වේ.

එමෙන්ම ලොව පුරා සිදුවන රික්ටර් පරිමාණ 6.0ට වැඩි භූමිකම්පාවලින් 10% ක්ම වාර්තා වන්නේ ජපානයෙනි. 2011 මාර්තු මාසයේදී ඉවාතේ ප්‍රාන්තයට දකුණින් සිදු වූ රික්ටර් පරිමාණ 9.0ක මහා භූකම්පනය ජපානය තුළ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනය වේ.

ඉන් ඇති වූ ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුරකි. එතැන් සිට, මෙවැනි ඕනෑම කම්පනයකදී ජනතාව උස් බිම් කරා යොමු කිරීමට රජය දැඩි පියවර ගනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026