Skip to content
V
ජනාධිපතිගේ ඡායාරූපය අවසරයක් නැතුව පාවිච්චි කරන්න බෑ
featured news - උණුසුම් පුවත්

ජනාධිපතිගේ ඡායාරූපය අවසරයක් නැතුව පාවිච්චි කරන්න බෑ

By News Room · 10 October 2024

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී ඇත.

රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026