Skip to content
V
ජනාධිපති අපේක්ෂකයින් අතර පළමු විවාදය හෙට
featured news - උණුසුම් පුවත්

ජනාධිපති අපේක්ෂකයින් අතර පළමු විවාදය හෙට

By News Room · 6 September 2024

'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඒ අනුව හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය මේ සඳහා සහභාගීවීම අපහසු බවට දන්වා ඇති බවත් අනුර කුමාර දිසානායකගේ පැමිණීම තහවුරු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026