Skip to content
V
featured news - උණුසුම් පුවත්

ජනප්‍රිය ගායිකා රුක්සානා බානෝ ජීවිතක්ෂයට

By News Room · 20 September 2024

ඉන්දියාවේ ජනප්‍රිය සම්බල්පුරි ගායිකාවක්වන 27 හැවිරිදි රුක්සානා බානෝ හදිසියේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇය පසුගිය අගෝස්තු මාසයේදී සම්බල්ලූර් ඇල්බමයක රූගත කිරීම් සඳහා බලන්ගීර් වෙත ගොස් ඇති අතර, එහිදී ඇය හදිසියේම අසනීප වී ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා සඳහන් කරනවා.

රුක්සානා ස්කූබ් ටයිෆස් රෝගයට ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරීහු පැවසුවද, ඇයගේ මරණයට හේතුව මෙතෙක් හෙළිකර නොමැති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, ඇයගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ මෙම මරණය සැලසුම් සහගත ඝාතනයක් බවයි.

අගෝස්තු මාසයේ බලන්ගීර් ප්‍රදේශයේ පැවති රූගත කිරීම් අතරතුර ඇයට බීමට ලබා දුන් පානයට වස මිශ්‍ර කර ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ඔවුන් මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත්තේ සුප්‍රසිද්ධ සම්බල්පුරි ගායකයෙකුට එරෙහිවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026