Skip to content
V
ජනපති සටනේ සජබ දීගය හෙට
featured news - උණුසුම් පුවත්

ජනපති සටනේ සජබ දීගය හෙට

By News Room · 7 August 2024

සමගි ජන සන්ධානයට එකතුකර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ස්වාධීන කණ්ඩායම්

දෙකක් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් තිස්ස අත්තනායක මහතා පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවකගේ පක්ෂය සමගි ජන බලවේගයට එකතු කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය. නිදහස ජනතා සභාව නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශ්වය, කඳුරට

ජනතා පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසත් සමගි ජන බලවේගයේ නව සන්ධානය සමඟ එක් වීමට නියමිත බව සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග පැවැසීය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ උත්තරීතර මණ්ඩලයේ ඒකමතික තීරණයට අනුව හෙට (08දා) පිහිටුවීමට නියමිත සමගි ජන බලවේග සන්ධානයට තම පක්ෂය එක්වීමට නියමිත බව මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා ‘මව්බිම'ට පැවැසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එදිනට සමගි ජන සන්ධානයට එක්වන බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට වැඩ කරන බවත් මන්ත්‍රිවරයා පවසා සිටියේය. ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඒ පිළිබඳ පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කරමින් සිටින බව සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක ඊෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා ‘විශ්වවාහිනිය'ට පැවැසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026