Politics
ජනපතිවරණ ඡන්ද පත්‍රිකාව අද මුද්‍රණයට

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද (16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එය සකස් කිරීමේ කටයුතු සිදුවන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 39ක් වන අතර, ඒ අනුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් දිගු වන බවයි සභාපතිවරයා සඳහන් කළේ.




