Skip to content
V
ජනපතිවරණයට රටවල් දොළහකින් නිරීක්ෂකයින්
featured news - උණුසුම් පුවත්

ජනපතිවරණයට රටවල් දොළහකින් නිරීක්ෂකයින්

By News Room · 23 August 2024

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙසේ ආරාධනා කර ඇත්තේ ඉන්දියාව නේපාලය  බංගලාදේශය පකිස්ථානය සහ  මාලදිවයින ඇතුළු රටවල් දොළහකටය.ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයෝ පිරිසක්ද  දිවයිනට පැමිණ සිටිති.

මෙයට අමතරව ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන්  සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන් පිරිසක්ද  දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණ නිරීක්ෂණයට මෙසේ අවසර දුන් බව මැතිවරණ කොමිසම පවසයි. මෙම සංවිධාන මැතිවරණ කටයුතු නිරීක්ෂණය  කිරීමෙන් අනතුරුව විශේෂ වාර්තා ලබාදීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026