Skip to content
V
ජනපතිට පෙරටුගාමීන්ගෙන් ලිපියක්
featured news - උණුසුම් පුවත්

ජනපතිට පෙරටුගාමීන්ගෙන් ලිපියක්

By News Room · 28 October 2024

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යලි සකස් කර නොගතහොත් ඇතැම් රටවල අත්දැකීම් අනුව යළි බංකොලොත්භාවට පත්වීමේ අත්දැකීමට ලංකාවට මුහුණදීමට සිදුවනු ඇති බවය. පිටු 13කින් සමන්විත එම ලිපියේ මාතෘකාව ලෙස සඳහන්ව ඇත්තේ " ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම"යනුවෙනි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, ද්විපාර්ශික ණය හා බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව 2028 වසරේ සිට ඩොලර් බිලියන 4-5ක පමණ විශාල වාරිකයක් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවනු ඇති බවත් එය වත්මන් මුල්‍ය අනුපාතවලට අනුව ගතහොත් රුපියල් බිලියන1200-1500ක පමණ අමතර ඉපයීමක් මේ සඳහා රජයට තිබිය යුතු බවත් එම ලිපියේ සඳහන්ව තිබේ. 

එමෙන්ම ඩොලර් සංචිතයද මේ සඳහා ප්‍රමාණවත් මට්ටමට ප්‍රසාරණය විය යුතු නමුත් පෙනී යන ආකාරයට මෙය ඉතාමත් තියුණු අභියෝගයක් වනු ඇති බවත් එම ලිපියේ සඳහන් ව ඇත.

මෙම ගැටලුව පිළිබඳ ඉතාම ගැඹුරු අධ්‍යයනයකින් හා විශ්ලේෂණයකින් පසුව අවම වශයෙන් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව වූ ‘විකල්ප ණය තිරසරකරණයකට’ හා ජනතාවයට අවාසිදායක වන කොන්දේසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයෙන් ඉවත්කර ගැනීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව සතුව ඇති බවද එම ලිපිය මගින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026