Skip to content
V
ජනපතිට පුටින්ගෙන් පණිවුඩයක්
featured news - උණුසුම් පුවත්

ජනපතිට පුටින්ගෙන් පණිවුඩයක්

By News Room · 1 October 2024

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී එම පණිවුඩය පිළිගන්වා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සිය පණිවුඩයේ සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බවය.

දෙපාර්ශ්වයේම අන්‍යොන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කර ඇත.

වෙළෙඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද තවදුරටත් දෙපාර්ශ්වයම විසින් අවධාරණය කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026